මොනවා අයේ වාහන ගෙන්නන්නේ නැද්ද එතකොට..

Sri Lanka Government Of Sri Lanka vehicle imports sri lanka Import
By Piyumika Oct 08, 2024 08:01 AM GMT
Piyumika

Piyumika

Report

වාහන ආනයනය කිරීමට මෙතෙක් කිසිදු නිල ප්‍රකාශයක් හෝ රජයේ ස්ථිර වැඩපිළිවෙළක් හෝ නොමැති බවට ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පවසනවා.

අලුත් හිස්වැස්ම නිසා බන්ධනාගාර නියාමකට වුණ දෙයක් ..

අලුත් හිස්වැස්ම නිසා බන්ධනාගාර නියාමකට වුණ දෙයක් ..

අද (08) පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ; වාහන ආනයනය කිරීමට අවසර දෙන බවට පැවසුව ද; ඒ සම්බන්ධයෙන් මෙතෙක් ඇත්තේ හිටපු අමාත්‍යවරයෙකුගේ ප්‍රකාශයක් පමණක් බවයි.

පළමු ව බස් සහ ලොරි රථ ගෙන්වීමට සැලසුම් සකස් කර තිබුණ ද; එය සිදු කිරීමට කිසිදු වැඩපිළිවෙළක්, නව තීරණයක් හෝ රජය විසින් ගෙන නොමැති බවයි වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.

දිවි නසා ගැනුමක්ද ..මිනී මැරුමක්ද..

දිවි නසා ගැනුමක්ද ..මිනී මැරුමක්ද..

පසුගිය රජය සමයේ කැබිනට් මණ්ඩලයෙන් ප්‍රකාශයක් සිදු කළ ද; නව රජය විසින් කිසිදු පියවරක් ගෙන නැති බව ද හෙතෙම පැවසුවා.

පළමුව බස් සහ ලොරි රථ ගෙන්වා ආර්ථිකයට සිදුවන බලපෑම සලකා බලා පසුව සෙසු වාහන ගෙන්වීමට අවසර දෙන බවට පසුගිය රජය යටතේ සැලසුම් සකස් කර තිබූ බව ද වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දුන්නා.

කලබල වෙන්න එපා එයත් වැඩට යන්න ඇවිත් තියෙන්නේ.. බසයට නැග්ග කෙනෙක් නිසා මගීන් වහලයේත් එල්ලීලා ..

කලබල වෙන්න එපා එයත් වැඩට යන්න ඇවිත් තියෙන්නේ.. බසයට නැග්ග කෙනෙක් නිසා මගීන් වහලයේත් එල්ලීලා ..

නමුත් නැවත වාහන ආනයනය ගැන කතාබහක් කෙරෙන්නේ නම්; එය නව අයවැයෙන් පසුව සිදු කළ යුත්තක් බවට පත් වී ඇති වගයි ප්‍රසාද් මානගේ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.