ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන් පිළිබද අද ගත් තීරණය..

Sri Lanka Police Crime Murder
By Piyumika Nov 07, 2024 10:17 AM GMT
Piyumika

Piyumika

Report

 අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළ දී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නමැත්තා ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාස තුනක රැඳවුම් නියෝග ලබා සිටි සැකකරුවන් වෙඩික්කරුවන් දෙදෙනා ඇතුළු 05 දෙනා සහ බන්ධනාගාරගතව සිටින සැකකරුවන් 15 දෙනා අද (07) අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

දෙවියනේ මෙහෙමත් කරන්න පුලුවන්ද ..පව්ලේ ඔක්කොම මරලා දාලා..(PHOTOS)

දෙවියනේ මෙහෙමත් කරන්න පුලුවන්ද ..පව්ලේ ඔක්කොම මරලා දාලා..(PHOTOS)

එහිදී ඔවුන් ලබන 21 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර නියෝග කර ඇත්තේ.

මෙම සැකකරුවන් අතුරින් ත්‍රස්ත විමර්ශන ඒකකය භාරයේ සහ බස්නාහිර පළාත් අපරාධ කොට්ඨාසය භාරයේ සිටි වෙඩික්කරුවන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු ලබන නඩු දිනයේ දී හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

සුරාබදූ ලොක්කා හා ගෝලයන් විදේශගත නොවන බවට ලබා දී ඇති පොරොන්දුව තව දික් කරයි..

සුරාබදූ ලොක්කා හා ගෝලයන් විදේශගත නොවන බවට ලබා දී ඇති පොරොන්දුව තව දික් කරයි..

එමෙන්ම  ක්ලබ් වසන්ත නොහොත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ත්‍රස්ත විමර්ශන කොට්ඨාස රැඳවුම් භාරයේ සිටි සැකකරුවන් සිව් දෙනෙකු මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (6) නියෝග කළා.

එම ඝාතනය සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගත් බවත් ආරක්ෂක ලේකම්වරයා වෙත පැවරී ඇති බලතල අනුව මෙම සැකකරුවන් සිව් දෙනා දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කළ නමුත් එම සිව් දෙනා සිද්ධියට සම්බන්ධ නොමැති බවට කරුණු අනාවරණය වන බැවින් ඔවුන් නිදහස් කර හැරීමට නියෝගයක් ලබාදෙන ලෙසට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය කළ ඉල්ලීමක් සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කර ඇත .

මාකඳුරේ මදුෂ්ගේ මරණයට සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට..

මාකඳුරේ මදුෂ්ගේ මරණයට සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට..

ඇන්ටන් සුදර්ශන ,හර්මන් ගීතන් මෝසස් ,අර්නස් රාජ් හා තොමස් ගොඩ් කොන්ට් නමැති සැකකරුවන් සිව් දෙනකු එසේ නිදහස් කිරීමට නියම කෙරුණා.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් පිරිසක් කඩුවෙල උසාවිය වෙත ඉදිරිපත් කළ බව ද එම කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණයට දැන්වූවා.

ReeCha