රොබට් බ්‍රවුන්රිග් බ්‍රිතාන්‍යයට දුන් තාරා දෙව්දුව නැවත ලංකාවට..

Vidura Wickramanayaka Sri Lanka England
By Piyumika Jul 09, 2024 08:04 AM GMT
Piyumika

Piyumika

Report

දැනට එක්සත් රාජධානියේ කෞතුකාගාරයක තිබෙන මෙරටට අයත් පුරාවස්තුවක් වන තාරා දෙව්දුවගේ පිළිමය නැවත ලබා ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසා ඇත.

ජාතික පුරාවිද්‍යා දිනය නිමිත්තෙන් පැවති පුරාවිද්‍යා සමුළුවේ සමාරම්භක උත්සවයෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් කුරුල්ලන් සහ උරගයින් ජාවාරමේ නිරත වුවන් ඇල්ලූ විශේෂ මෙහෙයුම..

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් කුරුල්ලන් සහ උරගයින් ජාවාරමේ නිරත වුවන් ඇල්ලූ විශේෂ මෙහෙයුම..

එසේම මෙරටින් කොල්ලකන ලද පුරාවස්තු නැවත ලබා දීම සම්බන්ධයෙන් නෙදර්ලන්ත රාජ්‍යයට ස්තූතිවන්ත වන බවත් එම පුරාවස්තු වල දෙවන කොටසද ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.

තාරා දේවී පිළිමය යනු ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති ක්‍රිව 8 වන සියවසට අයත් බවට කාල නිර්ණය කර ඇති, තාරා දේවි බෝධිසත්ත්ව වරියගේ රන්-ආලේපිත ලෝකඩ පිළිමයකි.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රියක් පිළිපැනීමෙන් දහවල් දුම්රිය කිහිපයක් අවලංගු වේ..

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රියක් පිළිපැනීමෙන් දහවල් දුම්රිය කිහිපයක් අවලංගු වේ..

දහනවවන සියවසෙහි මුල් අවදියෙහි අහම්බෙන් හමුවී ඇති මෙම පිළිමය, 1830දී බ්‍රිතාන්‍ය කෞතුකාගාරය වෙත බාරදී ඇත්තේ, ලංකාවේ හිටපු ආණ්ඩුකාර ශ්‍රීමත් රොබට් බ්‍රවුන්රිග් විසිනි.

ReeCha