උඩු දුවන පරික්ෂාවකින් තොරව බහාලුම් නිදහස් කිරීමේ සිද්ධිය..
කොළඹ වරායේ ආනයනික බහාලුම් නිෂ්කාශන කටයුතුවල ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත බහාලුම් නිෂ්කාශන අංගනය ඉදිරිපිට තවදුරටත් දිගු පෝළිම් දක්නට ලැබෙනවා.
රේගුව අද සිට දින හතරක විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි.රේගු නිශ්කාෂණ කටයුතුවල ඇතිවූ ප්‍රමාදයත් සමග පසුගිය කාලය පුරාම රේගුවේ දැඩි තදබදයක් පැවැතියා.
පැවැති බහාලුම් තදබදය අතරතුර බහාලුම් 323ක් රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කෙරුණේ පවතින ගැටලුවට පිළියමක් වශයෙන්.
බහාලුම් එලෙස වරායෙන් නිදහස් කිරීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතාට චෝදනා එල්ල වූ ඔහු අද එම චෝදනා වලට ප්‍රතිචාර දැක්වුවා.
ටැටූ ගහන්න ගිය 14 හැවිරිදි දැරියට ටැටූ මධ්‍යස්ථානයේ තරුණයින් ගහපු ටැටූ එක නිසා මධ්‍යස්ථානයට මුද්‍රා..
එවන් පසුබිමක ශ්‍රී ලංකා රේගුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ 2020 වර්ෂයේ සැප්තැම්බර් මස සිට ක්‍රියාත්මක කරනු ලබන අවදානම් කළමනාකරණ මූලධර්මවලට අනුව ශ්‍රී ලංකා රේගුව භාණ්ඩ නිදහස් කිරීම සිදුකරන බවයි.
ඒ අනුව රේගු දත්ත පද්ධතිය හරහා භෞතික පරික්ෂාවට ලක්කිරීම, ස්කෑන් පරික්ෂාවට ලක්කිරීම, භෞතික හා ස්කෑන් යන පරික්ෂා ද්විත්වයටම ලක් කිරීම සහ භෞතික හා ස්කෑන් යන පරික්ෂා ද්විත්වයට ලක් නොකර නිදහස් කිරීම යන ක්‍රමවේද භාවිත කරන බවයි ශ්‍රී ලංකා රේගුව පවසන්නේ.
එවැනි තත්ත්වයක් තුළ ඉකුත් ජනවාරි 12 වැනිදා ජනාධිපතිවරයා සහ විෂයභාර අමාත්‍ය බිමල් රත්නායක සමග පැවති සාකච්ඡාවේදී බහාලුම් නිශ්කාෂණ කටයුතු කඩිනම් කරන ලෙස රේගු අධ්‍යක්ෂවරයාට උපදෙස් දුන් බවත්, නිර්ණායකයන්ට අනුකූලව අදාළ බහාලුම් නිදහස් කළේ ඒ අනුව බවත් අදාළ නිවේදනයේ දැක්වෙනවා.
ශ්‍රී ලංකා රේගුව අවධාරනය කරන්නේ එලෙස බහාලුම් නිදහස් කිරීම හරහා අවි ආයුධ, රත්රත්‍රන් හා මත් ද්‍රව්‍ය වැනි භාණ්ඩ නීති විරෝධිව රට තුළට පැමිණීමේ හා රේගු ආදායම අහිමි වීමේ හැකියාවක් නොමැති බවයි.
මේ අතර රතු ලේබල් කර දැඩි පරීක්ෂාවට ලක් කළ යුතු බහාලුම් 323ක් පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ඉල්ලා සමාජ අසාධාරණයට විරුද්ධව තරුණ හඬ ව්‍යාපාරය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කළා.
You may like this video