ජනාධිපතිවරණය කල් දැමීම සම්බන්ධ පෙත්සම නිෂ්ප්‍රභ වේ..

Report

ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම විභාගයට නොගෙන රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

නිධන් හාරන්න මහනුවරින් ගිය කට්ටඩියා මාට්ටු..

නිධන් හාරන්න මහනුවරින් ගිය කට්ටඩියා මාට්ටු..

එම නඩු ගාස්තුව මසක් ඇතුළත අධිකරණයේ තැන්පත් කළ යුතු බවත් පෙත්සම් කරුණට නියම කර තිබෙනවා.

අග විනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා.

ව්‍යවසායකයෙකු වන සී.ඩී.ලෙනව මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණා.