ජනතා සේවය කාර්යක්ෂම කරන්න වියදම් කරපු රුපියල් කෝටි 101කට වෙලා තියන දේ..

Report

පොළොන්නරුවේ සියලුම රාජ්‍ය ආයතන එකම ස්ථානයට ගෙනවිත් ජනතා සේවය කාර්යක්ෂම කිරීමේ අරමුණින් ඉදිකෙරුණු මෙත්සිරිපාය පරිපාලන ගොඩනැගිලි සංකීර්ණය නිලධාරීන්ගේ කඹ ඇදීමක් හේතුවෙන් වසර පහකට වැඩි කාලයක් තිස්සේ කැලෑ වැදී විනාශ වෙමින් පවතින බව පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේදී තොරතුරු අනාවරණයවූ බව එහි සභාපති මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම පාර්ලිමේන්තු සංකීර්ණයේදී 20 වන දින රැස්වූ අවස්ථාවේදී පැවසීය.

ලග්න 03ක් අද ඉතාමත් කල්පනාකාරීව වැඩ කරන්න... අනිත් අයට වෙන දේ මෙතනින් දැනගන්න.

ලග්න 03ක් අද ඉතාමත් කල්පනාකාරීව වැඩ කරන්න... අනිත් අයට වෙන දේ මෙතනින් දැනගන්න.

මෙම ගොඩනැගිලි සංකීර්ණය හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ මූලිකත්වයෙන් ඉදිකරනු ලැබ ඇත්තේ රුපියල් කෝටි 101 ක පමණ වියදමිනි. එහි වර්ග අඩි ප්‍රමාණය එක් ලක්ෂ හතළිස් එක්දහසකි.

මෙම ස්ථානයේ වායු සමීකරණ ඇතුළු පහසුකම් නැති හෙයින් ඊට යා නොහැකි බව ආයතන ගණනාවක නිලධාරීන් ප්‍රකාශ කර ඇතැයි එම කමිටුවේදී තොරතුරු අනාවරණය විය .

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු තවත් සමහර ආයතන ප්‍රධානීන් මේ ස්ථානයේ පදිංචියට යෑමට කැමැත්තෙන් සිටියත් මෙතෙක් කිසිවකුගෙන් හෝ ඒ සඳහා උපදෙස් ලැබී නැතැයිද තොරතුරු හෙළිවිය.

මෙම ස්ථානයේ කුලිය වැඩි නිසා පැමිණිය නොහැකි බවට සමහර ප්‍රධානීන් කමිටුව හමුවේ ප්‍රකාශ කර ඇති අතර ඒ අවස්ථාවේදී මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ එම කුලී මුදල් ගෙවන්නේ මහා භාණ්ඩාගාරයෙන් හෙයින් ඒ ගැන ගැටළුවක් ඇති කරගත නොගත යුතු බවය.

එංගලන්ත දකුණු අප්‍රිකා තරඟයේදී අවසානයේ සිදු වූ දේ මෙන්න..

එංගලන්ත දකුණු අප්‍රිකා තරඟයේදී අවසානයේ සිදු වූ දේ මෙන්න..

එසේම මෙම ගොඩනැගිල්ල ජරාවාස වෙමින් පවතින හෙයින් එය කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ශාඛාවක් පිහිටුවීම සඳහා ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතත් එම තීරණයද ක්‍රියාත්මක කිරීම නිලධාරීන් මගහැර ඇතැයි කමිටුවේදී තොරතුරු හෙළිවිය.

රාජ්‍ය ආයතන මේ ස්ථානයට පැමිණීමට අකමැති වන්නේ ඇයි දැයි සොයා බලා හැකි ඉක්මනින් වාර්තාවක් සපයන ලෙස කමිටු සභාපතිවරයා පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් දී තිබේ.

පාන් වලට 16%ක බද්දක්.. - පාන් කන්නෙ කොහොමද කියලා හිතලම මිනිස්සුන්ට කේන්ති ගිහින්..

පාන් වලට 16%ක බද්දක්.. - පාන් කන්නෙ කොහොමද කියලා හිතලම මිනිස්සුන්ට කේන්ති ගිහින්..

එසේම සියලු රාජ්‍ය ආයතන මේ ස්ථානයට කැඳවාගෙන විත් මාස හයක කාලයක් ඔවුනට එහි මුදල් අය කර ගැනීමකින් තොරව කටයුතු කිරීමට අවස්ථාව සලසා දෙන ලෙසත් වසරක කාලයක් එහි නඩත්තු ගාස්තු මහා භාණ්ඩාගාරයෙන් ගෙවන ලෙසත් කමිටුව මෙහිදී වැඩිදුරටත් නිර්දේශ කරයි.