ඩයනාට එරෙහි පෙත්සම සාලකා බැලීමේ විනිසුරු මඩුල්ලෙන් දෙදෙනෙකු ඉවත්වේ..

Sri Lanka Diana Gamage Court of Appeal of Sri Lanka
By Piyumika Jun 27, 2024 04:44 AM GMT
Piyumika

Piyumika

Report

රෙහාන් ජයවික්‍රම මහතා විසින්, හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි චෝදනා කරමින් ගොනුකර තිබූ පෙත්සම සලකා බැලීමේ කටයුතුවලින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුවරුන් දෙදෙනෙකු ඉවත් වී ඇත.

මොකක්ද මේ එල්විස් ප්‍රෙස්ලිගේ සපත්තුවේ කතාව.(PHOTOS)

මොකක්ද මේ එල්විස් ප්‍රෙස්ලිගේ සපත්තුවේ කතාව.(PHOTOS)

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කළ නඩු තීන්දුව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරනු ලැබූ අදහස්වලින් ඩයනා ගමගේ මහත්මිය අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි චෝදනා කරමින් වැලිගම නගර සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා විසින් මෙම පෙත්සම ගොනුකරන ලදි.

මෙම පෙත්සම ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනි වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගේ සමන්විත ත්‍රී පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ඊයේ (26) කැඳවනු ලැබුණි.

බලන්න මෙයාලා ඔයාලගේ වගාව අවටත් ඉන්නවද කියලා..එහෙනම් පැයකින් ඔයාට වගාව නැති වෙන්න පුලුවන්..

බලන්න මෙයාලා ඔයාලගේ වගාව අවටත් ඉන්නවද කියලා..එහෙනම් පැයකින් ඔයාට වගාව නැති වෙන්න පුලුවන්..

එම අවස්ථාවේදී අදාළ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරු වශයෙන් කටයුතු කළ කුමුදුනි වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන් තමන් මෙම පෙත්සම් සලකා බැලීමේ කටයුතුවලින් ඉවත් වන බව දැනුම් දී ඇත.

ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා අගෝස්තු මස 05 වනදා යළි කැඳවන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ.