මේ පාර ඔයාට ඡන්දය දාන්න නිවාඩු ලැබෙන්නේ මෙන්න මෙහෙමයි..

Report

 එළඹෙන මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම වෙනුවෙන් රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මත්පැන් බෝතල්වල අලවන ස්ටිකර් නිෂ්පාදනය කරන සමාගම ගැන විශ්වාසයක් නෑ..

මත්පැන් බෝතල්වල අලවන ස්ටිකර් නිෂ්පාදනය කරන සමාගම ගැන විශ්වාසයක් නෑ..

ඒ, අනුව ඡන්දය පාවිච්චි කිරීම සඳහා සේවා ස්ථානයේ සිට ඡන්ද පොළට ඇති දුර කිලෝමීටර් 40 හෝ ඊට අඩුනම් දින භාගයක නිවාඩුවක් ලබාදිය යුතු වනවා.

කිලෝමීටර් 40 හෝ 100ත් අතර නම් දිනක නිවාඩුවක් ලබාදිය යුතු අතර, දුර ප්‍රමාණය කිලෝමීටර් 100ත් 150ත් අතර නම් දින එක හමාරක නිවාඩුවක් සේවකයාට ලබාදිය යුතුයි.

සේවා ස්ථානයේ සිට ඡන්ද පොළට ඇති දුර ප්‍රමාණය කිලෝමීටර් 150ට වැඩිනම් දින දෙකක නිවාඩුවක් ලබාදිය යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර ඇත්තේ.

අප්‍රිකානු සූකර උණ ව්‍යාප්තිය සමග ඌරු ගොවිපොළ ලියාපදිංචිය ගැන හදිසි දැනුම්දීමක්..

අප්‍රිකානු සූකර උණ ව්‍යාප්තිය සමග ඌරු ගොවිපොළ ලියාපදිංචිය ගැන හදිසි දැනුම්දීමක්..

කෙසේවෙතත් මේ සඳහා සේවා නියුක්තිකයින් විසින් සේවා යෝජකයින් වෙත ලිඛිතව අදාළ නිවාඩු ඉල්ලීම සිදුකළ යුතුය.

එමෙන්ම සෑම සේවා යෝජකයෙකු විසින්ම විශේෂ නිවාඩු ඉල්ලුම් කළ තැනැත්තන් හා නිවාඩු ලබාදෙන කාලසීමාව දැක්වෙන ලේඛනයක් සකස් කර එය සේවා ස්ථානයේ ප්‍රදර්ශනය කළ යුතු බවද මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.

මෙවර මහා මැතිවරණයේ ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතයි.