කාන්තාවන්ගේ ශ්‍රද්ධාව වඩවා නිවසේ බඩු හොරකම් කරන හොරු මුලක්..මේ පිළිබඳ වහා දැනුවත් වන්න..

Sri Lanka Police Matale Sri Lanka
By Piyumika Jun 30, 2024 10:07 AM GMT
Piyumika

Piyumika

Report

සම්මාදම්කරුවන් මුවාවෙන් දහවල් කාලයේ නිවෙස්වලට පැමිණෙන පිරිසක් මුදල්වලට අමතරව නිවෙස්වල වටිනා භාණ්ඩ සොරාගෙන යන කල්ලියක් පිළබඳව වාර්තා වී ඇත.

මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකින් මේ සිදුවීම් වාර්තා වන බවයි පැවසෙනුයේ.

ඩොලර් මිලියන ගණනකට වෙන්දේසි වූ ඩයනා කුමරියගේ මතක සටහන්.(PHOTOS)

ඩොලර් මිලියන ගණනකට වෙන්දේසි වූ ඩයනා කුමරියගේ මතක සටහන්.(PHOTOS)

දහවල් කාලයේ කාන්තාවන් සිටින නිවෙස්වලට පැමිණ අට පිරිකර,සිව්රු,විවිධ ප්‍රතිමා අත රැදි මෙම පිරිස් පිරිත් සඡඡායනා කරමින් කාන්තාවන්ට වන්දනාමාන කටයුතු කිරීමට සලස්වන බව වාර්තා වනවා. මේ අතර බීමට ජලය ඉල්ලා ඒ අතර තුර භාණ්ඩ සොරාගෙන පලායන බවයි වාර්තා වනුයේ.

මාතලේ පල්ලේපොල,යටවත්ත,සැලගම,නාඋල,මුරුතෝලුව, හා බිබිල ප්‍රදේශවල සැරිසරා ඇති මෙම සංවිධානාත්මක පිරිස බොහෝ වටිනා භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

තල් අතු ඒකතු කරන්න ගිය කාන්තාවකට නොහිතපු දෙයක් දකින්න ලැබිලා..

තල් අතු ඒකතු කරන්න ගිය කාන්තාවකට නොහිතපු දෙයක් දකින්න ලැබිලා..

සිය සැමියන්ගෙන් දොස් ඇසිමට අකමැති කාන්තාවන් අසල්වැසි කාන්තාවන්ට තමන් මුහුණ දුන් සිද්ධින් සම්බන්ධයෙන් හෙළි කිරිමෙන් අනතුරුව සෙසු පිරිස්ද ඔවුන් මුහුණ පෑ සිද්ධීන් පවසා තිබේ .

මේ අතර නිවෙස් වලට පැමිණෙන පිරිස් රැගෙන එන භාණ්ඩ කඩිනමින් ලබාගැනිම සදහා රථවාහන සහිත බාහිර කණ්ඩායම් ද සිටින බවට තොරතුරු අනාවරණය කොටගෙන ඇත.

මහරගම පිහි ඇනුමකින් අයෙක්ට බරපතලයි..සැකකරු එම මොහොතේදීම අත්අඩංගුවට..

මහරගම පිහි ඇනුමකින් අයෙක්ට බරපතලයි..සැකකරු එම මොහොතේදීම අත්අඩංගුවට..

මේ සම්බන්ධයෙන් පොලිසිය පවසන්නේ නාදුනන පිරිස් සිය නිවෙස්වලට ඇතුළුකර නොගන්නා ලෙසත් සැකකටයුතු පිරිස් සම්බන්ධයෙන් කඩිනමින් පොලිසිය දැනුවත් කරන ලෙසයි.