ගංවතුර හා නායයාම් හේතුවෙන් ඉන්දියාවේ 65,000ක් පමණ අවතැන් වේ...

By Parami Dissanayake Aug 23, 2024 01:57 PM GMT
Report

පවත්නා අධික වර්ෂාපතනය හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම් නිසාවෙන් ඉන්දියාවේ 65,000කට වැඩි පිරිසක් අවතැන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම, මෙම අයහපත් තත්ත්වය හමුවේ පුද්ගලයින් 23 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත් ව ඇති බව ද වාර්තා වේ.

අවතැන් වූවන් සඳහා 450කට වැඩි කඳවුරු ප්‍රමාණයක් ස්ථාපිත කර ඇත.

කෙසේ වෙතත්, මේ හේතුවෙන් මිලියන 1.7 ක් පමණ පීඩාවට පත්ව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ ය.