ජයග්‍රහණය වෙනස්ම ආකාරයට සැමරූ අභිෂේක් ෂර්මා

TATA Cricket IPL 2025
By Hashini Apr 13, 2025 07:34 AM GMT
Hashini

Hashini

Report

 IPL තරගාවලියේ 27වන තරඟය ඊයේ පැවැත්වුණා.

ඒ Sunrisers Hyderabad සහ Punjab Kings කණ්ඩායම් අතරයි.

එම තරඟයේ විශිෂ්ඨ ජයක් හිමි කර ගැනීමට Sunrisers Hyderabad කණ්ඩායම සමත් වුණා.

එහිදී කාසියේ වාසිය ලබා ගත් පන්ජාබ් කණ්ඩායම පළමුව පන්දුවට පහර දුන් අතර පන්දුවාර 20 අවසානයේ කඩුළු 6ක් දැවී ලකුණු 245ක ලකුණු පුවරුවක් සටහන් කළා.

ලංකාවට විශාලතම ඩොලර් ප්‍රමාණය මාර්තු මාසයේදී

ලංකාවට විශාලතම ඩොලර් ප්‍රමාණය මාර්තු මාසයේදී

මෙම තරඟයේදී සිය ප්‍රථම IPL තරගය ක්‍රීඩා කල එශාන් මාලිංග ලකුණු 45ට කඩුළු 2ක් බිඳ හෙලිමද විශේෂත්වයක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල සන්රයිසස් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු තුනකදී ලකුණු 247ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කරනු ලැබුවා.

එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කල අභිෂේක් ෂර්මා පන්දු 40කදී වේගවත් ශතකයක් ලබා ගත්තා.

ඔහු සිය ශතකය ලබා ගැනීමත් සමගම එය සැමරීමට සිය කලිසම් සාක්කුවේ තිබු කොළ කැබැල්ලක් ප්‍රේක්ෂකාගාරයට පෙන්වමින් බොහෝ දෙනාගේ අවධානය ඒ සඳහා දිනා ගැනීමට ද සමත් වුණා.

එහි සඳහන්ව තිබුනේ This One is For Orange Army ලෙසටයි.

අභිෂේක් ශර්මා පන්දු 55කින් ලකුණු 141ක් මෙම තරඟයේදී ලබා ගත් අතර Travis Head ලකුණු 66ක් ලබා ගත්තා.

ඔස්ට්‍රේලියානු ක්‍රීඩක Travis Head තරඟයෙන් පසු පැවතී මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටියේ ''අභිෂේක් ශර්මා පසුගිය තරග 6කදිම එම කොළ කැබැල්ල සිය සාක්කුවේ තියාගෙන සිටි බවත් මෙම තරඟයේදී ඔහුට එය පෙන්වීමට හැකි වීම පිලිබඳ තමන් සතුටු වන බවත්'' ය. 

Prada ට අයිති වූ Versace - මෙන්න අලුත් බ්‍රෑන්ඩ් පෙරළිය!

Prada ට අයිති වූ Versace - මෙන්න අලුත් බ්‍රෑන්ඩ් පෙරළිය!

ReeCha