රටට වැසි පතා අද රාත්‍රී 7.30ට කරන්න යන දේ මෙන්න - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි දන්වයි
රටේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති නියං තත්ත්වය දුරු කිරීමේ අරමුණින් වැහි පිරිත සජ්ජායනය අද (02) දින ඇරඹෙන බව නාරාහේන්පිට අභයාරාමය පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සඳහන් කරයි.
ඒ අනුව, අද රාත්‍රී 7.30ට නාරාහේන්පිට අභයාරාමය පුරාණ විහාරස්ථානයේදී මෙම පිරිත සජ්ජායනා කිරීමට නියමිත බව උන්වහන්සේ ප්‍රකාශ කළා.
එසේම රටට සෙත් පතා දවසේ පැය 24 පුරා ලක්ෂවාරයක් මෙම පිරිත සජ්ජායනා කිරීමට බලාපොරොත්තුව වන බව සඳහන්.
එමෙන්ම මීට පෙර වසරවලදී රටට නියං තත්ත්වයක් ඇති වූ විට මෙම පිරිත සජ්ජායනා කිරීමෙන් පසු උපරිම ප්‍රතිඵල ලැබුණු බව ද උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළා.
ආයේ වාහන නෑ කියලා වද වෙන්න ඕනේ නෑ - ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිකුත් කළ වාර්තාව මෙන්න - වාහන ආනයනය 32%කින් ඉහළට