රසබර උපන්දින කේක් ගෙඩිය කැපුව විදිහක් නිසා තරුණයෙක් පොලිස් අත්අඩංගුවට.. (PHOTOS)
By krishani
තරුණයෙක් විසින් සිය උපන්දින කේක් ගෙඩිය කඩුවකින් කපා එහි ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කළ පුවතක් පිළිබඳව තොරතුරු ඉන්දියාවෙන් වාර්තා වේ.
ඒ හේතුවෙන් අදාළ තරුණයාව නාග්පූර්හි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 19 හැවිරිදි වියේ පසුවන තරුණයෙක් ය.
රාහුල් මොහ්නිකාර් නැමැති මෙම තරුණයා පසුගිය සෙනසුරාදා රාත්‍රියේ 19 වන උපන්දින සැමරුම වෙනුවෙන් උපන්දින කේක් ගෙඩිය කඩුවකින් කපා තිබෙනවා.
පසුව එහි ඡායාරූප ෆේස්බුක් සමාජ මාධ්‍යයේ පළකර ඇති බව සඳහන් ය.
අදාල ඡායාරූප සම්බන්ධයෙන් ඉන්දීය පොලිසිය අදාළ තරුණයාගේ නිවස වටලා ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම, එම කේක් ගෙඩිය කැපීමට යොදාගත් කඩුව ද පොලිස් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම තරුණයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ ආයුධ පනතේ විධිවිධාන යටතේ වේ.