හනීමූන් රාත්‍රියේ තරුණ යුවලට අත්විදින්නට සිදු වූ අවාසනාවන්ත ඉරණම..දොර ඇරල බලද්දි දැකපු දේ..

India Sweden Death
By Aruna Jun 05, 2023 05:15 AM GMT
Aruna

Aruna

Report

මංගල රාත්‍රියේම සැකකටයුතු ලෙස මියගොස් සිටි අඹුසැමි යුවළක් සම්බන්ධයෙන් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

22 හැවිරිදි ප්‍රතාප් යාදව් සහ එම ප්‍රදේශයේම පදිංචි 20 හැවිරිදි පුෂ්පා දේවි විවාහ වී ඇත්තේ පසුගිය 30වනදා බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ.

විවාහය දා රාත්‍රියේ යුවල ප්‍රතාප් යාදව්ගේ නිවසේ චාරිත්‍රානුකූලව නතර වී ඇති අතර, පසුව දා උදෑසන ඥාතීන් පැමිණ කතා කළද ඔවුන් කාමරයෙන් එළියට නොපැමිණි නිසා දොර කඩා පරීක්ෂා කර තිබෙන බවයි පැවසෙන්නේ.

එහිදී ඔවුන් දෙදෙනා කාමරය තුළ මියගොස් ඇතැයි අනාවරණය වී ඇත. මේ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී හෙළ වී ඇත්තේ පිරිසිදු වාතාශ්‍රය නොමැති කමින් මොවුන් දෙදෙනාට හුස්ම ගැනීමට අපහසු වී හෘදයාබාධයකින් මිය ගොස් ඇති බවයි.

කෙසේවෙතත් නව යුවළගේ මරණය සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණයක් ක්‍රියාත්මක අතර ඔවුන් නවාතැන් ගෙන සිටි ස්ථානයේ අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණයක් සිදුකළ අතර ඔවුන් අනුභව කළ ආහාර පිළිබඳව පරීක්‍ෂණ පවත්වන බවයි එම ප්‍රදේශයේ පොලීසිය පවසා ඇත්තේ.



සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now