මෙරට සුප්‍රසිද්ධ රියැලිටි ගායකයෙක් ජේතවනාරාමයේ කරන්න ගිය වැඩක් මාට්ටුවෙයි..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Anuradhapura
By Aruna Jun 05, 2024 03:06 AM GMT
Aruna

Aruna

Report

අනුරාධපුර අටමස්ථානයට අයත් ඓතිහාසික ජේතවනාරාම දාගැබේ ආරක්ෂාවට ඇති අකුණු සන්නායකය, සොරකම් කිරිමෙි සිද්ධියට එම ජාවාරමේ මහ මොළකරු බව කියන රූපවාහිනී නාලිකාවක රියැලිටි තරගයකට සහභාගීවී අවසාන කීප දෙනා අතරට තේරී පත්වී ජයගත් ප්‍රසිද්ධ ගායකයකු ඇතුළු සැකකරුවන් පස්දෙනකු අකුණු සන්නායකයේ ආරෝපණය පරීක්ෂා කරන කරන උපාංගයක්, නවීන මෝටර් රථයක් සහ ස්මාර්ට් ජංගම දුරකථන පහක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා.

සංගක්කාර ක්‍රිකට් ලොව මවිත කරමින් යළි ක්‍රිකට් පිටියට..පන්දු යැවීමෙන් සහ පිත්තෙන් ලොවම පුදුම කරවයි..(PHOTOS)

සංගක්කාර ක්‍රිකට් ලොව මවිත කරමින් යළි ක්‍රිකට් පිටියට..පන්දු යැවීමෙන් සහ පිත්තෙන් ලොවම පුදුම කරවයි..(PHOTOS)


මෙම පිරිස අත් අඩංගුවට ගෙන ඇත්තේ, අනුරාධපුර අටමස්ථානයට අයත් ඓතිහාසික ජේතවනාරාම දාගැබේ ආරක්ෂාවට ඇති අකුණු සන්නායකය, සොරකම් කර රැගෙන යාමට පැමිණි බව කියන පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන දීර්ඝ ප්‍රශ්න කිරීම් වලදී බවයි පොලීසිය පවසන්නේ.

මෙම අකුණු සන්නායකයේ ඇති යම් ආරෝපණයක්, යන්ත්‍රානුසාරයෙන් ලබා ගෙන එය රුපියල් කෝටි 500කට පමණ මුදලකට විකිණීමට සූදානම්ව සිට ඇතැයි පොලිසිය කළ පරික්ෂණ වලදි හෙළිවී ඇත්තේ.

ඉන්දියාවෙන් ගුරුවරු 2000ක් ලංකාවට..මෙරට ගුරුවරුන්ට රතු එළියක්..

ඉන්දියාවෙන් ගුරුවරු 2000ක් ලංකාවට..මෙරට ගුරුවරුන්ට රතු එළියක්..


පොලීසිය පවසන ආකාරයට පොළොන්නරුව කාලිංග ඇල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි එම ගායකයා, කල් අඩිය පුත්තලම, මකුල් වැව, වැල්ලව, බඩල්ගම මීරිගම , යටි ගහගල, මහනුවර යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 23, 32, 35 සහ 56 වියේ පසු වන පුද්ගලයන් තිදෙනෙකු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.