අවාසනාවන්ත ලෙස මරණය ගෙනා උදලු පහර..

By Piyumika Nov 10, 2024 05:56 AM GMT
Report

පුද්ගලික ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු විසින් උදැල්ලකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබේ.

ඊයේ (09) සවස් කාලයේදී එම සිදුවීම වාර්තා වී තිබුණේ ඊච්චන්කුලම්, අම්මිචෛත්‍යාන් ප්‍රදේශයේදීය.

ශ්‍රී ලංකා - නවසීලන්ත දෙවැනි T20 තරගය අද

ශ්‍රී ලංකා - නවසීලන්ත දෙවැනි T20 තරගය අද

එලෙස මියගොස් ඇත්තේ, අම්මිචෛත්‍යාන්, ඊච්චන්කුලම් ප්‍රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි කාන්තාවකි.

මෙම ඝාතනයට සම්බන්ධ සැකකරු හඳුනාගෙන ඇති අතර, ඔහු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බව පොලීසිය පවසයි.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඊච්චන්කුලම් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.