විදේශිකයින්ට වහාම ඉවත් වන්නැයි හදිසි අනතුරු ඇඟවීමක්..දැවැන්ත ප්‍රහාරයකට සැරසෙයි..

Report

ලෙබනනයේ සිටින විදේශිකයින් හට වහා එරටින් පිටවන ලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ඒ, ඉරානය විසින් ඊශ්‍රායලයට සහ එක්සත් ජනපදයට දොස් පවරන ලද හමාස් දේශපාලන ප්‍රධානී ඉස්මයිල් හනියේ ඝාතනයෙන් පසු මැදපෙරදිග ආතතීන් ඉහළ යන බැවිනි.

ඉදිරි ජනාධිපතිවරණය දිනන අපේක්ෂකයා ගැන නවතම බුද්ධි තොරතුරක් එළියට..

ඉදිරි ජනාධිපතිවරණය දිනන අපේක්ෂකයා ගැන නවතම බුද්ධි තොරතුරක් එළියට..


පවතින තත්ත්වය හමුවේ එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ප්‍රංශය ඇතුළු බටහිර රටවල් කිහිපයක් ම තම පුරවැසියන්ගෙන් 'වහා ලෙබනනය හැර යන ලෙස' ඉල්ලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

සෙනසුරාදා (03) එක්සත් ජනපදය, කලාපයට අමතර යුද නැව් සහ ප්‍රහාරක ජෙට් යානා ගෙන යන බවට ප්‍රකාශයක් සිදුකළ අතර ලෙබනනයේ සිටින තම පුරවැසියන්ට “ලබා ගත හැකි ඕනෑම ප්‍රවේශ පත්‍රයකින්” පිටව යන ලෙසයි නිවේදනය කර තිබුණේ.

එමෙන්ම එක්සත් රාජධානියේ විදේශ කාර්යාලය විසින් ද ලෙබනනයේ සිටින සිය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේ “වාණිජ විකල්ප පවතින බැවින්” වහාම ඉවත්ව යන ලෙසටයි.

ලග්න කිහිපයකට අද වාසනාවෙ දොර ඇරලා පේන දිනයක්..සියලු ලග්නයන්ට ශුභ අශුභ ඵල මෙන්න..

ලග්න කිහිපයකට අද වාසනාවෙ දොර ඇරලා පේන දිනයක්..සියලු ලග්නයන්ට ශුභ අශුභ ඵල මෙන්න..