හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දුගෙන් අනතුරු ඇඟවීමක්

Report

අතීතයේ දී ප්‍රචණ්ඩකාරී දේශපාලන ක්‍රියාකාරකම්වල නිරත වූ දේශපාලන කණ්ඩායම් යළිත් වරක් එවැනි ක්‍රියාකාරකම්වල නිරත නොවනු ඇති බවට විශ්වාස කළ නොහැකි බව හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු අද (13) පෙරවරුවේ දී හිටපු පොලිස්පතිවරුන් සහ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහභාගී වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ ය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් සහ ඉන්දීය මුදල් ඇමති අතර හමුවක්...

ශ්‍රී ලංකා මහ කොමසාරිස් සහ ඉන්දීය මුදල් ඇමති අතර හමුවක්...

එම සාකච්චාව, පිටකෝට්ටේ පිහිටි පෞද්ගලික හෝටලයක දී පැවැත්වුණි.

ඒ අනුව, හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මෙලෙස අදහස් දැක්වී ය.

උඩරට දුම්රිය පීලි පනී...

උඩරට දුම්රිය පීලි පනී...

"1971 ඒ කැරැල්ලෙන් පස්සේ විශාල පුනුරුත්ථාපනය කිරීමක් රජය විසින් සිදු කළා.අපි සෑම කෙනෙක්ම හිතුවා මෙතනින් කැරැල්ල අවසාන වෙයි කියලා. නමුත් අවාසනාවකට 1989 නැවත වරක් මෙම ප්‍රචණ්ඩකාරී ක්‍රියාව ඇති වෙලා ලංකාවේ දේපොළ සහ ජීවිත විනාශ වුණා. අපි ඊට පස්සෙත් හිතුවා මෙම ප්‍රචණ්ඩකාරී ක්‍රියාව නතර කරයි කියලා. නමුත් අවාසනාවකට 2022 මැයි මස 09 වනදා ගෙවල් 91ක් එකම රැයේදී විනාශ කිරීමට තරම් සංවිධාන වූ පිරිසක් බව දැන් පෙනී ගියා. ඉතිං මෙවැනි දේවල් කරන කොට ඉදිරියට මේක නොකරාවි ද ?"