උඩරට දුම්රිය පීලි පනී...

By Parami Dissanayake Jun 13, 2024 01:48 PM GMT
Report

අද (13) දින පස්වරු 3.40 ට පමණ බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වු 1008 මගී ප්‍රවාහන දුම්රියේ නැරඹුම් මැදිරිය පිලි පැනිම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමනයට බාධා පැමිණ ඇති වූ බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසනවා.

ඒ, වටගොඩ සහ තලවකැලේ දුම්රිය ස්ථාන දෙක අතර 118 වෙනි සැතපුම් කණුව අසලදී ය.

CCTV කැමරාවේ සටහන් වුන රන් මාල කොල්ලය..(CCTV)

CCTV කැමරාවේ සටහන් වුන රන් මාල කොල්ලය..(CCTV)

මෙම දුම්රිය පිලි පැනිම සිදු වි ඇති ඇතර පිලි පැනිමට ලක් වු දුම්රිය නැරඹුම් මැදිරිය ගලවා සෙසු මැදිරි සහිතව දුම්රිය කොළඹ කොටුව දක්වා ධාවනය කිරිමට පියවර ගෙන ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

කෙසේ වෙතත්, මෙසේ දුම්රියේ නැරඹුම් මැදිරිය පීලි පැනීම දුම්රිය මාර්ගයට අලාභ හානි සිදු වි ඇත.