සමාජ මාධ්‍ය තහනම් කිරීමට පියවර ගන්නා බවට අනතුරු ඇඟවීමක්...

By Parami Dissanayake May 26, 2024 05:15 PM GMT
Report

අද (26) ශ්‍රී ලංකාවේ ප්‍රථම ගොල්ෆ් ඇකඩමිය විවෘත කිරීමේ පැවති උත්සවයකට සහභාගී වෙමින් ,ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ, ඇතැම් විද්‍යුත් මාධ්‍ය ද යොදාගනිමින් ක්‍රිකට් ක්‍රීඩාවට විනාශකාරී ලෙස පහර ගසන සමාජ මාධ්‍ය කල්ලිවලට එරෙහිව නෛතික පියවර ගැනීම අරඹා ඇති බව යි.

විදෙස්ගත වූ බිරිඳ මෙරටට ගෙන්වා ගැනීමට නොහැකිව සැමියා දිවි තොර කර ගනී...

විදෙස්ගත වූ බිරිඳ මෙරටට ගෙන්වා ගැනීමට නොහැකිව සැමියා දිවි තොර කර ගනී...

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවුසූවේ,

"සමාජ මාධ්‍ය කිහිපයක් ආයෙත් සූදානම් වෙලා ක්‍රිකට්වලට මඩ ගහන්න. ගොඩක් අය අද නොදන්න දේ මේ දඹුල්ල සිද්ධිය නිසා මටත් සනත් ජයසූරියටත් චෝදනා කරනවා.ක්‍රීඩා වැරදි වැළැක්වීමේ ඒකකය 2019 දී පිහිටුවූයේ මමයි. ලෝකේ නැති නීතියක් ලංකාවේ තිබීමම අපිට ශක්තියක්. අලුතෙන් ගෙනාපු ON LINE පනත හරහා මඩ ගහන සියලුදෙනාට නඩු පවරනවා. සියලුදෙනාගේ සමාජ මාධ්‍ය තහනමකට ලක්වෙනවා. එකම චෝදනා කරන කට්ටියක් එකම නාලිකාවක් අල්ලගෙන අපිට මඩ ගහනවා."

යනුවෙනි.

කෙසේ වෙතත්, සමාජ මාධ්‍ය නියාමන පනත හරහා නෛතික පියවර ගන්නා බව ද හෙතෙම පවසා සිටියේ ය.