ඉන්දුනීසියාවේ ගිනි කන්දක් සක්‍රිය වෙයි
ඉන්දුනීසියාව ලෙවෝටෝබිහි ලකී - ලකී ගිනි කන්ද සක්‍රීය වී තිබෙනවා. එය සක්‍රීය වී ඇත්තේ ගිනිකන්ද විදාරණය විය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබූ පසුබිමකයි.
මෙතෙක් ඉන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නැහැ.
විදෙස් වාර්තා සඳහන් කළේ සංචාරක දූපතක් වන ෆ්ලෝරස්ට හී පිහිටා ඇති මෙම ගිනි කන්දේ ආවාටයේ සිට කිලෝමීටර් 7ක අරයක් තුළ වාසය කරන පිරිස් ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර කිලෝමීටර 11ක් දුරට අහස අළු වළාකුළු වලින් වැසී ඇති බවයි.
මීට පෙර පසුගිය නොවැම්බර් මාසයේදී මෙම ගිනි කන්ද විදාරණය වූ අතර එහිදී පුද්ගලයින් නව දෙනෙකු මියගියා.
දහස් ගණනක් ප්‍රදේශය අතහැර ගොස් තිබූ අතර ගුවන් ගමන් රැසක්ද අවලංගු කෙරුණා.