පාලමක් යටින් ලක්ෂ 300ක් මතු වෙයි..නාවික හමුදාව දැඩි පරිශ්‍රමයකින් සොයාගත් දේ මෙන්න..(PHOTOS)
By Aruna
වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 30 ක් එනම් ලක්ෂ 300ක් පමණ වටිනා ජල මාපකයක් හංවැල්ල පාලම යට සිරවී තිබියදී සොයාගැනීමට සමත්ව ඇත.
එම සොයාගැනීම සිදුකර ඇත්තේ නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් විසින් බවයි පැවසෙන්නේ.
කැළණි ගඟේ ජලයේ මට්ටම, වේගය සහ දිශාව වැනි දත්ත රැස්කිරීම් සිදුකිරීම මෙම ජල මාපකයෙන් සිදුකර ඇති අතර, මෙහි GPS තාක්ෂණය ද ඇතුලත් බවයි පැවසෙන්නේ.
මෙම උපකරණය සොයාගෙන ඇත්තේ, පැවති අයහපත් කාළගුණික තත්ත්වයත් සමග මෙම ජල මාපකය ජලයේ ගසාගෙන ගොස් ඇති අතර, එය සොයා ගැනීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් නාවික හමුදා මූලස්ථානයෙන් ඉල්ලීමක් අනුවයි.
එම ජල මාපාංකය සොයාගැනීමට නාවික හමුදා කිමිදුම් කණ්ඩායම මහත් පරිශ්‍රමයක් දරා තිබීම ද විශේෂත්වයක්.
මීට අදාල ඡායාරූපයන් පහතින් බලන්න.




