' මල්ලීව රහසිගතව සඟවාගෙන ඉන්නේ.'. අතුරුදන්වීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන්න..

By Piyumika Sep 10, 2024 02:19 AM GMT
Report

ජර්මනියේ මියුනිච් නගරයේ විශ්ව විද්‍යාලයක සිවිල් ඉංජිනේරු උපාධිය හදාරන ශ්‍රී ලාංකික සිසුවකු විශ්ව විද්‍යාලය ආසන්නයේ දිය ඇල්ලක අතුරුදන්ව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

ලසිත් යසෝද කෘෘස් පුල්ලේ නමැති මෙම සිසුවා මීගමුව,කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු ඉකුත් සිකුරාදා මෙම සිද්ධියට මුහුණ පා ඇතැයි කියයි.

හිතන්නෙවත් නැති වෙලාවක වෙලා තියන දේ බලන්න..

හිතන්නෙවත් නැති වෙලාවක වෙලා තියන දේ බලන්න..

තම මල්ලි විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන කිලිනොච්චියේ තරුණයකු සහ සිම්බාබේ තරුණයකු සමග විශ්ව විද්‍යාලය ආසන්නයේ ඇති දිය ඇල්ලක නෑමට ගිය අවස්ථාවේ ගිලී අතුරුදන්ව ඇති බවට පැවසුණත් මෙම අතුරුදන්වීම අභිරහසක් බවට සාධක පෙනෙන්නට ඇතැයි ලසිත් සිසුවාගේ සහෝදරිය වන චමෝදි මිලේශනී මහත්මිය පැවැසුවාය.

තම මල්ලිගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා තමන් මේ ගැන විදේශ අමාත්‍යාංශයට පැමිණිලි කරන බව මිලේශනී මහත්මිය වැඩිදුරටත් කීවාය. කිසියම් පිරිසක් තම මල්ලී රහසිගතව සඟවාගෙන සිටින බවට තමන් තුළ තදබල සැකයක් පවතින බව ද ඇය අවධාරණය කළාය.

පුද්ගලයින් 48 කට දිවි අහිමි කල නයිජීරියාවේ බිහිසුණු ඉන්ධන බවුසරයක් පිපිරී යාම..(VIDEO/PHOTO)

පුද්ගලයින් 48 කට දිවි අහිමි කල නයිජීරියාවේ බිහිසුණු ඉන්ධන බවුසරයක් පිපිරී යාම..(VIDEO/PHOTO)

සිවිල් ඉංජිනේරු උපාධිය හැදෑරීම සඳහා තමන්ගේ මල්ලී මීට මාස පහකට ඉහතදී ජර්මනියට ගිය බවත් දියේ ගිලී අතුරුදන්වූවා යැයි කියන පසුගිය සිකුරාදා දිනයේ තමන්ට දුරකතනයෙන් කතා කළ බවත් ඇය කීවාය.

විදෙස් ගතවීමට මුදල් සොයා ගැනීමට උකස් කර තිබූ රන් භාණ්ඩ බේරා ගැනීමට තමන්ට රුපියල් ලක්ෂ පහමාරක මුදලක් එවන බව දුරකතනයෙන් කතා කළ අවස්ථාවේ දැනුම් දුන් බවත් එම මුදල මෙම දොළොස් වැනිදාට ලැබෙන බවත් මල්ලී තමා සමග පැවැසූ බව මිලේශනී මහත්මිය පවසයි.