සමස්ත අධ්‍යාපන ක්‍රියාවලියේ අලුත් වෙනසක්?.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.
ඒ සමස්ත අධ්‍යාපන ක්‍රියාවලිය තුළ පරිවර්තනීය වෙනසක් සිදුකළ යුතු බවයි.
රාජ්‍ය විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ සිසුවෙකුට වඩා පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් අධ්‍යාපනය ලැබූ සිසුවෙකුට රැකියා වෙළෙඳපොළ තුළ වැඩි ඉල්ලුමක් හිමිව ඇත්තේ රාජ්‍ය විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රියාවලිය තවමත් යාවත්කාලීන නොවී තිබීම නිසා බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.
ඒ මහතා මේ බව කියා සිටියේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ඉන්ඩස්ටිර් එක්ස්පෝ - 2024 ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයට ඊයේ (23) එක්වෙමින් ය.