පොහොට්ටුවට එරෙහි වී රනිල්ට සහය වූවන් සම්බන්ධයෙන් දැඩි තීරණයක්..ලියුමුත් යවලා..

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශ කරන්නේ, පක්ෂයේ තීරණවලට එරෙහිව කටයුතු කරන සාමාජිකයන්ගේ තරාතිරම නොබලා පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට පියවර ගන්නා බවයි.

එහි මහලේකම් සාගර කාරියවසම්ගේ අත්සනින් යුත් ලිපියක් මගින් දැනුම්දී ඇත්තේ පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය ඒකමතිකව එම තීරණය ගෙන ඇති බවය.

විශේෂ පිරිසක් මැතිවරණ කොමිසම හමුවට කැඳවයි..

විශේෂ පිරිසක් මැතිවරණ කොමිසම හමුවට කැඳවයි..

 වාර්තා වන පරිදි ,ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්වීමට පොහොට්ටුවේ පිරිසක් තීරණය කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් මෙම පියවර ගෙන තිබෙනවා.

එලෙස  ලෙස ලිපියක් ලැබී ඇති ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සඳහන් කරන්නේ, "අද සාගර කාරියවසම්ලා මොන ලියුම එව්වත් අපි මේවට බය නෑ. අපි තීන්දු තීරණ ගත්තේ ජනාධිපතිතුමා මේ රටට සිදුකළ සේවය නිසයි." යනුවෙනි.