ඩෙංගු මර්ධනයට ක්‍රියාත්මක වන අලුත්ම වැඩේ මෙන්න
සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ඩෙංගු මර්දනය සඳහා තෙදින වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
වර්ෂයේ ජනවාරි පළමු දින සිට මේ දක්වා ශ්‍රී ලංකාව පුරා ඩෙංගු රෝගීන් 10,886 ක් වාර්තා වී ඇති අතර එය 2024 එම කාල සීමාව සමඟ සැසදීමේ දී 43.4% ක අඩුවීමක් බවද අමාත්‍යංශය පවසනවා.
මේ දිනවල කඩින් කඩ පවතින වර්ෂාව හේතුවෙන් ඉදිරි දිනවල ඩෙංගු රෝගීන් වාර්තා වීම වැඩිවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ අවධාරණය කර ඇති බැවින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවා.
ඒ අනුව මෙම තත්ත්වය අවම කර ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳහා ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් ඩෙංගු මර්දන විශේෂ ක්ෂේත්‍ර වැඩසටහනක් දැනට පවතින දත්ත පදනම් කර ගනිමින් කොළඹ මහ නගර සීමාව ඇතුළු ව ගම්පහ, කළුතර, මාතර, මාතලේ, මඩකලපුව, රත්නපුර, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 37 ක පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
මාර්තු මස 27, 28 සහ 29 දිනයන්හි දී එම වැඩසටහන පැවැත්වෙන අතර එහි දී අවදානම් කොට්ඨාසවල පවතින නිවාස, පාසල්, වැඩබිම්, ආයතන, කර්මාන්තශාලා, ආගමික ස්ථාන, පොදු ස්ථාන සහ වෙනත් පරීශ්‍ර, ක්ෂේත්‍ර පරීක්ෂක කණ්ඩායම්වල සහභාගීත්වයෙන් මෙම නිරීක්ෂණ කටයුතු සිදු කරනු තිබෙනවා.
මෙම ක්ෂේත්‍ර පරීක්ෂක කණ්ඩායම් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, පොලිස් නිලධාරීන් සහ ස්වේච්ඡා සේවකයන්ගෙන් සමන්විත වේ.
එම පිරිස් අදාළ ප්‍රදේශයන්හි නිවාස, පරීශ්‍රවල මදුරුවන් බෝවීම වැළැක්වීම සඳහා අවශ්‍ය දැනුවත් කිරීම් ද මෙම වැඩසටහනට සමගාමීව සිදු කිරීමට නියමිත ය.
ඕනෑම පරිසරයක ඩෙංගු මදුරුවන් බෝවීමේ අවදානම්ක් ඇති හෙයින් අවම වශයෙන් සතියකට විනාඩි 30 ක් මේ පිළිබඳව සොයා බැලීම සිදු කර මදුරුවන් බෝවිය හැකි ස්ථාන විනාශ කරන ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
එමෙන්ම, යම් අයෙකුට තද උණ සමඟ හිසරදය, මස්පිඩු හා සන්ධි වේදනාව, ඔක්කාරය හා වමනය, සමෙහි රතුපැහැ ලප හටගැනීම හා රුධිරවහන තත්ත්ව ඇත්නම් වහාම රෝහලකට හෝ සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් වෙත ගොස් නිසි ප්‍රතිකාර ලබාගන්නා මෙන් ජාතික ඩෙංගු මර්දන ඒකකය ඉල්ලීමක් කර සිටියි.
