රජයේ නියෝජ්‍ය ඇමතිගෙන් තර්ජනයක් ද?
වැඩ වර්ජනයේ යෙදෙන වෘත්තීකයන්ට රජයේ නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා තර්ජනාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඔහුගේ ප්‍රකාශය තුලින් වැඩවර්ජන කරන අයගේ මුලික අයිතිවාසිකම් කඩ වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
අද වැඩවර්ජන ගැන කතා කරන බොහෝ දෙනෙකුට ඉදිරියේදී එම වර්ජන කරන්න වෙන්නේ බන්ධනාගාර ගතව බව නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා පවසා තිබෙනවා.
රාජපක්ෂලා වෙනුවෙන් එදා පෙනී සිටි අය අද වැඩ වර්ජන ගැන කතා කරන බව පවසන නලින් හේවගේ මහතා එලෙස කතා කරන අයට මෙන්ම ඒ සඳහා සූදානම් වන අයට බන්ධනාකාර තුළ සිට එම කටයුතු සිදු කිරීමට සිදුවනු ඇති බවට අනතුරු අඟවා සිටියා.
ගාල්ල ප්‍රදේශයේ දී මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව සඳහන් කළ නියෝජ්‍ය ඇමතිවරයා රාජපක්ෂලා වෙනුවෙන් පෙනී සිටි අයට ඒ බලය අහිමිවීමෙන් පසු එය දරා ගත නොහැකිව ඔවුන් මෙවැනි කඩාකප්පල්කාරී ක්‍රියාවන් වලට සූදානම් වන බව පැවසුවා.
මේ වන විට ඉතිහාසයේ ප්‍රථම වතාවට රටේ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වීම ආරම්භ වී ඇති බව පෙන්වා දෙන නලින් හේවගේ මහතා ඒ අනුව බොහෝ නඩු ප්‍රමාණයක් ඉදිරියේදී අධිකරණය හමුවේ පැවරෙනු ඇති බව අනාවරණය කළා.
වත්මන් ආණ්ඩුව බලයට පැමිණ ගතවූ කෙටි කාලය තුළ ජනතාව වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදුකිරීමට හැකි වූ බවත් ඒ අනුව ඉදිරි පළාත් පාලන මැතිවරණය ජනතා විශ්වාසයෙන් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන බවත් නියෝජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් පැවසුවා.
