අනුදිට අගමැතිගෙන් ස්තුතියක්
72 වන ලෝක රූ රැජිණ අවසාන මහා තරඟය ඊයේ රාත්රියේදී ඉන්දියාවේදී පැවැත්වුණා.
එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අනුදි ගුණසේකර එයට සහභාගී වුණා.
අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය සඳහන් කරන්නේ 2025 ලෝක රූ රැජින තරඟදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අනුදි ගුණසේකර මෙතරම් දුරක් පැමිණීම ලාංකිකයන් වශයෙන් අපට මහත් ආඩම්බරයක් බවයි.
අග්‍රාමාත්‍යතුමිය මේ බව පවසා ඇත්තේ සිය facebook පිටුවේ සටහනක් තබමින්.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ඇයගේ සහභාගිත්වය ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා සිටින ප්‍රේක්ෂකයන්ගේ අවධානය අපගේ මව්බිම වෙත යොමු කරවන්න හේතුවක් වූ බවයි.