හිතුවෙවත් නැති විදිහට පාර්ලිමේන්තුවට දෙන්නෙක් කඩා පැනලා කළ දෙයක්.. පාර්ලිමේන්තුව දෙවනක් වෙලා සී සී කඩ මන්ත්‍රීවරුන් දිව යයි.. වීඩියෝ දර්ශන සහිතයි.. (PHOTOS/VIDEO)
By krishani
ඉන්දීය පාර්ලිමේන්තුව අද (13) දින රැස් වී තිබෙනවා.
එහිදී පාර්ලිමේන්තු සභා ගර්භට තුලට දෙදෙනෙක් ඇතුළු වී සටන් පාඨ කියමින් විරෝධතාවයක් පවත්වා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.
එහිදී ඔවුන් දෙදෙනා විසින් වර්ණ දුම් (smoke canister) ඉසීමෙන් පසුව පාර්ලිමේන්තුව තුළ නොසන්සුන්තාවයක් ඇති විය.
මොවුන් මෙය සිදුකර ඇත්තේ අවුරුදු 22කට පෙර (2001) එනම් අද (13) වැනි දවසක ඉන්දීය පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් එල්ල වූ දින වීම විශේෂත්වයක් වේ.
මොවුන් දෙදෙනා අමුත්තන්ගේ ගැලරියේ සිට සභාවට පැන ඇති බවට තොරතුරු වාර්තා වේ.
කෙසේ වෙතත්, ඔවුන් දෙදෙනා ඉන්දීය ආරක්ෂක අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙය සිදු කිරිමට නිශ්චිත අරමුණ මෙතෙක් පැහැදිලි නොමැත.
කෙසේ වෙතත්, මෙම සිදුවීමෙන් පසුව පාර්ලිමේන්තු කටයුතු පස්වරු 2 දක්වා කල් තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
වීඩියෝ දර්ශන - TIMES NOW