මහනුවර අධ්‍යාපන චාරිකාවක් ආ කොළඹ ප්‍රසිද්ධ පාසලක ගුරුවරියක් හදිසියේ මියයයි..

Report

අධ්‍යාපන චාරිකාවක් අතරතුර කොළඹ ජනප්‍රිය පාසලක ගුරුවරියක් හදිසි රෝගී තත්වයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇත්තේ වයස අවුරුදු 55ක ගුරුවරියකි.

මෙම ගුරුවරිය ඇතුළු සිසුවියන් කණ්ඩායම මහනුවරට පැමිණ මහනුවර නගරය හා ආශ්‍රිත විශේෂ ස්ථාන නරඹා ඇති අතර සවස් වරුවේ ශ්‍රී දළදා මාලිගාව නැරඹීම සඳහා ගොස් තිබුණි .

ජනාධිපතිවරණය තියනවද? නැද්ද? ..

ජනාධිපතිවරණය තියනවද? නැද්ද? ..

එහිදී ඇය දැඩි රෝගී තත්ත්වයකට පත්ව ඇති අතර වහාම ඇය මහනුවර ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට අධ්යාපන චාරිකාවට සහභාගී වූ පිරිස කටයුතු කර තිබේ .

කෙසේවෙතත්, රෝහලට ඇතුළත් කිරීමේදී ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බව‍යි වාර්තා වනුයේ.