නවසීලන්ත කණ්ඩායමට ලකුණු 79 ක ඉලක්කයක්...
By Parami Dissanayake
පැපුවා නිව්ගිනියාව සහ නවසීලන්ත කණ්ඩායම් අතර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ දී පැපුවා නිව්ගිනියා කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 4දී සියලු දෙනා දැවී ලකුණු 78ක් ලබාගැනීමට සමත් වුණා.
එහිදී, විශේෂත්වය නම්, පැපුවා නිව්ගිනියා කණ්ඩායමේ පිතිකරුවන් කිසිවෙකුට ලකුණු 17 සීමාව පසුකිරීමට නොහැකි වීම ය.
ඒ අනුව නවසීලන්ත කණ්ඩායමට තරඟය ජය ගැනීම සඳහා හිමිවන ඉලක්කය ලකුණු 79කි.