ඝාතනයකට කුරුමානම් අල්ලමින් සිටි අයෙක්ට වැඩ වැරදෙයි.. කොන්ත්‍රාත්තුව විතරක් බර ගාණක්..

Report

සැකකරුවෙකු පොලිස්, මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කාන්තාවක් ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටිම හේතුවෙන් ය.

අදාළ සැකකරු ගාල්ල හබරාදූව මීපේ ප්‍රදේශයේ පදිංචි හෙරොයින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවෙකු වේ.

එමෙන්ම, සැකකරුට පසුගියදා අහංගම ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු එම ප්‍රදේශයේම කාන්තාවකගේ නමක් පවසා ඇයව වෙඩිතබා ඝාතනය කරන ලෙස කොන්ත්‍රාත්තුවක් ලබා දී තිබෙනවා.

පලතුරු මිලත් බහී.. මිල සටහන් වුණේ මෙන්න මෙහෙමයි..

පලතුරු මිලත් බහී.. මිල සටහන් වුණේ මෙන්න මෙහෙමයි..


ඒ සඳහා රුපියල් කෝටියක මුදලක් ලබාදෙන බවට පොරොන්දු වී ඇති ව්‍යාපාරිකයා මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ ටී-56 වර්ගයේ ගිනි අවිවලට භාවිත කරන ජීව උණ්ඩ 6ක් ද සැකකරුට ලබාදී ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයකින් පසු හබරාදුව මීපෙ හන්දිය ප්‍රදේශයේදී 26 හැවිරිදි සැකකරුවෙකු ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී කෝටියක කොන්ත්‍රාත් මුදලින් අත්තිකාරමක් ලෙස ලබාදුන් රුපියල් 10,000 මුදලක් සොයා ගෙන ඇත.

අදාළ ව්‍යාපාරිකයා තමාට හෙරොයින් මත්කුඩු ද ලබාදුන් බවට සැකකරු අනාවරණය කර ඇති බව පොලීසිය පැවසීය.

සැකකරු සිදුකළ ප්‍රකාශ අනුව එම ව්‍යාපාරිකයා සතුව තවත් ගිනිඅවි කිහිපයක් ඇති බවට තොරතුරු අනාවරණය වීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කෙරයි.

ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව?. විදේශ කටයුතු අමාත්‍යංශයෙන් එකවරම විශේෂ දැනුම්දීමක් මෙන්න..

ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව?. විදේශ කටයුතු අමාත්‍යංශයෙන් එකවරම විශේෂ දැනුම්දීමක් මෙන්න..


සැකකරුට ගිනිඅවි ලද ආකාරය මෙන්ම එම ගිනිඅවි වෙනත් පුද්ගලයන් වෙත ලබා දී අපරාධ සිදුකර ඇත්ද යන්න විමර්ශන සිදු කරන බවද පොලීසිය සඳහන් කළේ ය.

අදාළ සැකකරුට එම ඝාතනය සිදු කිරීමේ කොන්ත්‍රාත්තුව ලබාදුන් ව්‍යාපාරිකයෙකු සොයා විමර්ශන ආරම්භ කර ඇත.

කෙසේ වෙතත්, සැකකරු අද (27) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.