'අවේලාවේ මෙතැන මත්පැන් පානය කරන්නේ කෙසේදැයි' තර්ජනය කොට මුදලුත් සොරාගෙන් පැන ගිහින්..
කුරුඳුතළන්නෙකුට අයත් රු.144,000ක් මාතර කොටුපවුර අසලදී මංකොල්ලකෑම සම්බන්ධ- යෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ .
මෙම කොල්ලය පසුගිය 22 වැනිදා රාත්‍රී සිදුව ඇති අතර සිද්ධියට මුහුණ දී ඇත්තේ මතුගම, පැලවත්ත, ගොරක- දූව ප්‍රදේශයේ පදිංචි කුරුඳු තළන්නෙකි.
ඔහු හක්මණ ප්‍රදේශයේ කුරුඳු වාඩියක කුරුඳු තැළීමේ නිරතව සිට ලබා ගත් රු.150,000ක පමණ මුදලත් රැගෙන මාතර නගරයට ගොස් තිබුණ අතර එහිදී මාතර බස් නැවතුම්පොළ ඉදිරිපිට ඇති මත්වතුර අලෙවිසලකින් බීර බෝතලයක් පානය කර තිබේ . පසුව තවත් මත්පැන් කාලක් මිලදී ගෙන මාතර කොටුපවුරේ නැරඹුම් කවුළුවක සිට එය පානය කරමින් සිට තිබේ .
මේ අවස්ථාවේ තවත් පුද්ගලයකු ඔහුගෙන් බීමට යමක් ඉල්ලූ බවත් එහිදී නැවත වතාවක් මත්පැන් අලෙවිසලට ගොස් එම පුද්ගලයාට බීර බෝතලයක් මිලදී ගෙන දුන් බවයි පවසන්නේ. අනතුරුව දෙදෙනාම කොටුපවුරේ නැරඹුම් කවුළුව වෙත ගොස් එක්ව මත් වතුර පානය කරමින් සිටියදී තවත් පුද්ගලයින් දෙදෙනෙකු එම ස්ථානයට පැමිණ තිබේ .
ඔවුන් විසින් 'අවේලාවේ මෙතැන මත්පැන් පානය කරන්නේ කෙසේදැයි' විමසා තර්ජනය කොට කුරුඳු තළ- න්නාගේ කනට ගසා අතේ තිබුණු මුදල් සහිත බෑගය උදුරාගෙන පලා ගොස් ඇත. ඒ සමගම කුරුඳුතලන්නා සමඟ මිත්‍ර වූ පුද්ගල- යාද පෙර කී අය සමග දිව ගොස් තිබේ .
පසුව මේ සම්බන්ධයෙන් මාතර මූලස්ථාන පොලිසියට කුරුඳු තළන්නා විසින්ම ගොස් පැමිණිල්ලක් සිදුකර තිබේ . අනතුරුව මාතර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයට කුරුඳු තළන්නාට පළමුව හමුවූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ .
ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ ඔහු මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව මත අධි- කරණය මඟින් වරෙන්තු නිකුත් කරන ලද පුද්ගලයෙකු බවයි.මේ නිසා ඔහු ප්‍රදේශය මඟහැර මාතරට පැමිණි ආහාර අලෙවි කරන රාත්‍රී කඩයක සේවය කර තිබේ .
සෙසු සැකකරුවන් දෙදෙනා සොයා පොලිස් විමර්ශන ආරම්භ කොට ඇති අතර අත්අඩංගු- වට ගත් සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකර- ණයට ඉදිරිපත් කළ බවයි පොලිසිය පවසනුයේ .
