මනුෂ්‍ය ඝාතනයක් සිදුකර ඇප මත නිදහස් වී සිටින අයෙකු යළිත් අත්අඩංගුවට ගත හේතුව ..

Report

විදේශ රටක නිෂ්පාදනය කරන ලද ගිනි අවියක් සමඟ සැකකරුවකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, දංකොටුව, යෝගියාන ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයෙකි .

හිතා ගන්නවත් බැහැ මාස අටකට මෙච්චර ගානක් ..

හිතා ගන්නවත් බැහැ මාස අටකට මෙච්චර ගානක් ..

පොලීසිය ලැබුණු තොරතුරක් මත ඊයේ (03) රාත්‍රියේ දංකොටුව, යෝගියාන ප්‍රදේශයේ කළ වැටලීමකදී අදාළ සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී සැකකරු සන්තකයේ තිබූ බ්‍රසීලයේ නිෂ්පාදිත මිලිමීටර් 3.8 ක ප්‍රමාණයේ රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක් විශේෂ කාර්ය බලකාය බාරයට ගෙන ඇත.

සැකකරු ගුවන් හමුදාවේ කලක් සේවය කර ඉවත් වී ඇති බව පොලීසිය පවසයි.

සැකකරු මීට පෙර මනුෂ්‍ය ඝාතනයක් සිදුකර රක්ෂිත බන්ධනාගාරගත ව සිට මෑතකදී ඇප මත නිදහස් වී සිටින අයෙකු බවට ද පොලීසිය අනාවරණය කරගෙන තිබේ.

ඔයාගේ විවේක කාලය ගත කරන්න ඔයා කලේ මේ දේ නම් ඔන්න ඔයාට වටිනා අවස්ථාවක්..

ඔයාගේ විවේක කාලය ගත කරන්න ඔයා කලේ මේ දේ නම් ඔන්න ඔයාට වටිනා අවස්ථාවක්..

සැකකරුට මෙම ගිනි අවිය ලැබුණු ආකාරය හෝ එය ළඟ තබාගෙන සිටීමට හේතුව මෙතෙක් අනාවරණය කර නැත.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා දංකොටුව පොලිස් ස්ථානයට භාර දී තිබෙන අතර දංකොටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.