යුද ගැටුම්වලින් ශ්‍රී ලාංකිකයින්ට අනතුරක් නැහැ - ඊශ්‍රායල් ශ්‍රී ලංකා තානාපති කාර්යාල

Israel Iran Sinhala news Iran-Israel War
By Hashini Jun 23, 2025 08:58 AM GMT
Hashini

Hashini

Report

ගෙවුණු පැය 24 තුළ යුද ගැටුම්වලින් ශ්‍රී ලාංකිකයින්ට සිදුවූ අනතුරු සම්බන්ධයෙන් වාර්තා නොවන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේ යුදමය වාතාවරණය හමුවේ ඊශ්‍රායලයේ රැඳීසිටින තවත් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු හෙට (24) දිනයේදී එලාට් නගරය වෙත ගොස්, ටබා දේශසීමාව හරහා කයිරෝ ගුවන්තොටුපොළට පැමිණ මෙරටට පැමිණීමට නියමිත බවයි.

එමෙන්ම තානාපතිවරයා ප්‍රකාශ කළේ මෙරටට පැමිණීමට පිටත්වීම සඳහා තවත් 12 දෙනෙකු තානාපති කාර්යාලයට ඊයේ පැමිණ ඇති අතර ඉදිරි දිනවල ඔවුන් මෙරටට පිටත්වීමට නියමිත බවය.

ගුරු වැටුපේ ප්‍රමාදයක් - ගුරු සංගම්වලින් දැඩි තීරණයක්

ගුරු වැටුපේ ප්‍රමාදයක් - ගුරු සංගම්වලින් දැඩි තීරණයක්

ඊට අමතරව ඊශ්‍රායලයේ සේවය කරන සිය ප්‍රජාව රැගෙන යාමට ඉන්දීය රජය ජෝර්දානයේ අම්මාන් ගුවන් තොටුපළේ සිට නවදිල්ලි ගුවන් තොටුපළ දක්වා ගුවන් යානා කිහිපයක් ක්‍රියාත්මක කරන අතර ඒවායේ ශ්‍රී ලාංකිකයින් ගණනාවකට ආසන සැපයීම කළ හැකි බව ඊශ්‍රායලයේ ඉන්දීය තානාපති කාර්යාලය එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැනුම්දී තිබෙනවා.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා පැවසුවේ එම ගුවන් යානාවලින් ගමන්වාර ලබාගැනීම විදේශ අමාත්‍යාංශය අනුමත කර ඇති බවය.

එම යානාවලින් මෙරටට පැමිණීමට අපේක්ෂා කරන පිරිස අද සහ හෙට තානාපති කාර්යාලයේදී ලියාපදිංචි කරන බව තානාපතිවරයා පවසනවා.

සජින් වාස් ගුණවර්ධනටත් වරෙන්තු

සජින් වාස් ගුණවර්ධනටත් වරෙන්තු

ReeCha