ළදු කැළෑවක් තුළ සඟවා තිබියදී සොයා ගත ඇස උඩ යන දේ..
By Piyumika
පුත්තලම, සේරක්කුලිය වෙරළ ප්‍රදේශයේ ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (06) පස්වරුවේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, ළදු කැළෑවක් තුළ සඟවා තිබූ මත් පෙති (Pregabalin Capsules) තිස් පන්දහස් හාරසීය හැත්තෑවක 35470) තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා.
උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී 2 ලංකා නාවික නෞකා ගජබා ආයතනය සමඟ එක්ව පුත්තලම සේරක්කුලිය වෙරළ ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, ළදු කැළෑවක් තුළ තිබූ සැකකටයුතු බහාලුම් දෙකක් (02) නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කිරීමේ මෙම මත් පෙති තොගය සොයා ගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය අංශය පවසනවා.
මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් මත් පෙති තොගය ඉදිරි නීතිමය කටයුතු සිදුකරන තෙක් නාවික හමුදාව භාරයේ තබා ඇති බව නාවික හමුදා මාධ්‍ය අංශය වැඩිදුරටත් කියා සිටියා.