විශ්වවිද්‍යාලයීය සිසුවාට පිහියෙන් ඇන පලා ගිය 14 හැවිරිදි සැකකරු අත්අඩංගුවට..
ඔස්ට්‍රේලියාවේ, සිඩ්නි විශ්වවිද්‍යාලයේ 22 හැවිරිදි සිසුවෙකුට පිහියෙන් ඇන ඇතැයි කියන 14 හැවිරිදි අයෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේය .
නව යොවුන් වියේ පසුවන තරුණයා එම පුද්ගලයා වෙත ගොස් විශ්වවිද්‍යාලයේ පිවිසුම අසලදී මුළුතැන්ගෙයි භාවිත කරනු ලබන පිහියකින් ඔහුගේ බෙල්ලට පිටුපසින් ඇන ඇති බවයි වාර්තා වනුයේ.
අනතුරුව ඔහු අසල තිබූ බස් රථයකින් එම ස්ථානයෙන් පලා ගොස් ඇත.
තුවාල ලැබූ විශ්වවිද්‍යාල සිසුවා රාජකීය ප්‍රින්ස් ඇල්ෆ්‍රඩ් රෝහලවෙත ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බවත්, ඔහුගේ තත්ත්වය තරමක් දුරට බරපතළ බවයි පැවසෙනුයේ.