හෙට සිට 16 දක්වා විශේෂ රථ වාහන සැලැස්මක්..රියදුරන්ට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්..

Report

ගාලු පාර ඇතුළු කොළඹ මාර්ග කිහිපයක හෙට (07) සිට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඒ, බෝරා ප්‍රජාවගේ වාර්ෂික අධ්‍යාත්මික සමුළුව හේතුවෙන් බවයි පැවසෙන්නේ.

දින 17ක් පාසල් වසා දැමීමක්..හැබැයි වහන්නෙ මේ පාසල් පමණයි..එම පාසල් මෙන්න..

දින 17ක් පාසල් වසා දැමීමක්..හැබැයි වහන්නෙ මේ පාසල් පමණයි..එම පාසල් මෙන්න..


කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ සහ බම්බලපිටිය බෝරා ප්‍රජාවගේ දේවස්ථානයේදී මෙම සමුළුව හෙට (07) සිට ලබන 16 වැනිදා දක්වා පැවැත්වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව සඳහන් කළේ, විවිධ රටවල සිට 15,000 ක පමණ පිරිසක් මෙම සමුළුවට සහභාගි වීමට නියමිත බවයි.

මැතිවරණය ජයග්‍රහණය කරන විදිය ගැන නාමල් රාජපක්ෂ ගෙන් ප්‍රකාශයක්..

මැතිවරණය ජයග්‍රහණය කරන විදිය ගැන නාමල් රාජපක්ෂ ගෙන් ප්‍රකාශයක්..


ඒ අනුව, පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කර තිබෙන විශේෂ රථවාහන සැලැස්ම පහතින් දැක්වෙනවා.