විවාහකයන් කොටු පැනලා අහුවුනොත් දැන් වෙන දේ දන්නවද..මැද්දට පැනපු තුන්වෙනියට තමා වැඩ වරදින්නේ..

By Piyumika Nov 05, 2024 03:33 AM GMT
Report

මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් සුවිශේෂ තීන්දුවක් මගින් මේ දක්වා දික්කසාද නඩු සම්බන්ධ ශ්‍රී ලංකාවේ නඩු ඉතිහාසය වෙනස්කර තිබේ.

අනාචාරයේ හැසිරීම යන වරද ඔප්පු කරමින් සිදුකරන දික්කසාද නඩුවක පාර්ශවයකට විවාහය විසුරුවා හැරීමකදී සහ-විත්තිකරු (කලත්‍ර හානිකරු - විවාහයෙන් බාහිර අනියම් ඇසුර පැවැති තෙවන පාර්ශවය) වෙතින් වන්දි ඉල්ලා සිටිය හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීම මෙම විශේෂ කාරණාවයි.

පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ මෙහෙයුමකින් කොටු කර ගත් පුද්ගලයා ලග තිබුණු දේවල්..

පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ මෙහෙයුමකින් කොටු කර ගත් පුද්ගලයා ලග තිබුණු දේවල්..

ඒ අනුව, දික්කසාද නඩුවකදී විවාහය කඩාකප්පල් කළ තෙවන පාර්ශවයකගෙන් (කලත්‍ර හානිකරුගෙන්) වන්දි ඉල්ලන්න හැකියාව ඇතිවාසේම එම එකම නඩුවේදී දික්කසාදය ඉල්ලන්න අවශ්‍ය නැතැයිද දන්වා තිබේ.

ඒ අනුව දික්කසාදය වෙනම පවරා ඉල්ලගන්නට හැකිය. විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන, විනිසුරු අචල වෙංගප්පුලි සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු විනිසුරුවරු තුන්දෙනෙක් මේ තීන්දුවට එකඟ වෙමින් කියා සිටියේ මෙම කාරනාව බොහෝ දෙනෙකු පෙළන ගැටලුවකට විසදුම් ලබාදෙනු ඇති බවයි.

වෛද්‍යවරයෙකු නිසා කරාපිටිය රෝහලේ වෛද්‍යවරු අඛණ්ඩ වැඩවර්ජනයක..

වෛද්‍යවරයෙකු නිසා කරාපිටිය රෝහලේ වෛද්‍යවරු අඛණ්ඩ වැඩවර්ජනයක..

හැටන් උසාවියේ බිරියක සැමියාට එරෙහිව දැමූ වෙනත් නඩුවක් ඔස්සේ මෙම ක්‍රමය සාකච්ඡාවට ලක්විය. මුලින්ම බිරිඳ හැටන් උසාවියේ නඩුවක් ගොනුකරමින් සැමියා තමාව අතහැර ගිය නිසා දික්කසාදයක් ඉල්ලා සිටි නමුත් සැමියා කිව්වේ එහෙම නෙවෙයි, බිරිඳ තවත් පුද්ගලයෙකු එක්ක අනියම් සබඳතාවයක් පවත්වන නිසා විවාහය කැඩුණ බවය.

ඒ අනුව සැමියා තම බිරියට කළ වරදට එම පුද්ගලයාගෙන් (කලත්‍ර හානිකරුගෙන්) වන්දි ඉල්ලූ අතර හැටන් දිසා උසාවිය සහ මහාධිකරණය සැමියාට පක්ෂව තීන්දු ලබාදුණි. කලත්‍ර හානිකරුට රුපියල් 500,000ක් සැමියාට වන්දි ගෙවන්න නියම විය