අපරාධකරුවන් ආයේ බේරෙනවා බොරු - විශේෂ දත්ත පද්ධතියක් හඳුන්වා දෙයි

Report

ඉදිරියේදී දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුම් පිළිබඳව පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා කොට්ඨාශ භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් වෙත උපදෙස් ලබාදීම

අපරාධකරුවන් ආයේ බේරෙනවා බොරු - විශේෂ දත්ත පද්ධතියක් හඳුන්වා දෙයි | A Special Database System For Criminals Sri Lanka

සඳහා පොලිස් මූලස්ථානයේදී පැවති වැඩමුළුවක් අතරතුරදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අපරාධකරුවන් හඳුනාගැනීම සඳහා දිවයින පුරා පොලිස් ස්ථාන ආවරණය වන පරිදි විශේෂ දත්ත පද්ධතියක් පොලිස් මූලස්ථානයේදී අද දින ස්ථාපිත කර තිබේ.

කඩු කිනිසි වලින් නගරයක්ම හෙල්ලූ චණ්ඩි අල්ලයි..!

කඩු කිනිසි වලින් නගරයක්ම හෙල්ලූ චණ්ඩි අල්ලයි..!

මෙම දත්ත පද්ධතිය හරහා දිවයිනේ ඕනෑම පොලිස් ස්ථානයකින් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් වහාම ඔවුන්ගේ තොරතුරු ඇතුළත් කිරීම, එම සැකකරුවන් පරීක්ෂා කිරීම සහ පෙර වැරදි හඳුනාගැනීමට සියලුම පොලිස් ස්ථානවල නිලධාරීන්ට අවස්ථාව හිමිවීම විශේෂත්වයකි.

මේ වනවිට මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන්ගේ තොරතුරු ඇතුළත් කර මෙම දත්ත පද්ධතිය සකස්කර ඇත.