කඩු කිනිසි වලින් නගරයක්ම හෙල්ලූ චණ්ඩි අල්ලයි..!

Report

පසුගියදා, කඩු පිහි රැගෙන වෑන් රථයකින් පැමිණි පිරිසක් බස් නැවතුම්පොළක් අසල රැඳී සිටි පුද්ගලයෙකුගේ දෑත් කපා දැමීමේ සිද්ධියක් වාර්තා වුණා.

අදාළ සැකකරුවන් එහිදී තවත් පුද්ගලයෙකුට පහරදී තිබූ අතර අවට සිටි පිරිසට ද තර්ජනය කරමින් පළාගොස් තිබුණි.මෙම සිද්ධිය, අම්පාර ප්‍රධාන බස් නැවතුම්පොළ අසලදී ඇතිවී තිබූ අතර ඊට සම්බන්ධ සැකකරුවන් 05 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා සහ පහරකෑමට ලක්වූ පුද්ගලයා අම්පාර මහ රෝහලට ඇතුළත් කෙරුණි. දෑත් කපන ලද පුද්ගලයාගේ තත්ත්වය බරපතළ බවද වාර්තා වෙයි.

කඩු කිනිසි වලින් නගරයක්ම හෙල්ලූ චණ්ඩි අල්ලයි..! | Ampara Thug Arrested

සිද්ධිය සම්බන්ධයෙන් අම්පාර මුලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එක්වී ක්‍රියාත්මක කළ මෙහෙයුමේදී සැකකරුවන් 05 දෙනෙකු සහ ඔවුන් ගමන්ගත් වෑන් රථය අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

මේ වනවිට එක් සැකකරුවෙක් පළාගොස් සිටින අතර ඔහුව සොයා විමර්ශන සිදුකරයි. අම්පාර නගරයේ කල්ලි දෙකක් අතර පවතින ආරවුලක් නිසා මෙම ගැටුම ඇතිවී තිබෙන බවද විමර්ශනවලදී හෙළිවී ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අම්පාර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.