ජ'පුරේ සිසුන්ට විශේෂ අධිකරණ නියෝගයක්.

Report

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල සිසුන්ට විශේෂ අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වටා ඇති පදික වේදිකාව හෝ මාර්ග අවහිර වන ආකරයේ කිසිඳු අනවසර ඉදිකිරීමක් සිදු නොකරන ලෙසටයි.

විශේෂයෙන් මෙම නියෝගය ලබාදී ඇත්තේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමයේ සභාපති නිසල දමිත් සහ එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා වාණිජ්‍යවේදී පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති ධම්මික දිල්ෂාන් යන සිසුන් වෙතයි.

දැනට නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවකට අදාළව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වටා ඇති පදික වේදිකාව හා මාර්ගයන් අවහිර වන ආකාරයෙන් අනවසර ඉදිකිරීම් සිදු කිරීමට සංවිධානය කරන බවට මිරිහාන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක විසින් සිදුකළ කරුණු දැක්වීමට අනුව නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

ජ,පුරේ කළමනාකරණ පීඨය හදිසියේම වැසේ.

ජ,පුරේ කළමනාකරණ පීඨය හදිසියේම වැසේ.