විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් හෙට සිට...
By Parami Dissanayake
ඩෙංගු අවදානම් කලාප ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 29ක් හඳුනාගෙන තිබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසා සිටිනවා.
ඒ අනුව, කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර සහ මහනුවර දිස්ත්‍රික්කවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 29ක් ඩෙංගු අවදානම් කලාප ලෙස හඳුනා ගෙන ඇති බව එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ලහිරු කොඩිතුවක්කු සඳහන් කළේ ය.
හෙට (02) සිට එළඹෙන 04 වනදා දක්වා දින 03ක් එම වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන්හි විශේෂ මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
මෙම වසරේ (2024) මෙතෙක් ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 36,552ක් වන අතර ඉන් වැඩි ම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇත.