තවත් පැමිණිලි 153ක්...

Report

ජනාධිපතිවරණයට අදාළ ව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි තවදුරටත් ඉහළ ගොස් ඇති බව එම කොමිසම පවසනවා.

ජනාධිපතිවරණයට අදාළව තවත් පැමිණිලි 153ක් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී තිබෙනවා.

කොස්ගොඩ වෙරළෙන් මළ සිරුරක්...

කොස්ගොඩ වෙරළෙන් මළ සිරුරක්...

ඒ අනුව, ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි දෙකක්, මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධ පැමිණිලි 150ක් සහ වෙනත් එක් පැමිණිල්ලක් ඒ අතර වන බව සඳහන් වේ.

ඒ අනුව පසුගිය ජුලි මස 31 වන දා සිට ඊයේ දිනයෙන් අවසන් වූ මාසයක කාලය තුළ මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 1,745 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.