ලාන්ස් ක්‍රෝප්‍රල් මුරපොළ තුලදී ගත් භයානක තීරණය ...

By Piyumika Sep 01, 2024 03:18 AM GMT
Report

බත්තරමුල්ල අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේ ඇතුලත මුරපලක රාජකාරියේ නිරතව සිටි සෙබළෙකු සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇතැයි තලංගම පොලිසිය පැවසීය .

මෙසේ මියගොස් ඇත්තේ මීරිගම 34 හැවිරිදි ලාන්ස් කෝප්‍රල් වරයෙකි.

රාජකාරියේ නියුතුව සිටි පොලිස් නිලධාරියකු කටෙන් ලේ දමමින් හදිසියේ අවසන් ගමන් යයි..

රාජකාරියේ නියුතුව සිටි පොලිස් නිලධාරියකු කටෙන් ලේ දමමින් හදිසියේ අවසන් ගමන් යයි..

මොහු තවත් සෙබළුන් දෙදෙනෙකු සමග යුද හමුදා මූලස්ථානය තුළ ආරක්ෂක කුටියක රාජකාරියේ නිරතව සිටියදී සිය රාජකාරී ගිනි අවියෙන් මෙසේ වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය පරීක්ෂණ පවත්වති.