සුපිරි වෙළඳසැල්වල සහ තොග වෙළඳසැල්වල සහල් හිඟයක්...

Consumers Welfare Association Sri Lanka Ministry of Consumer Protection Businessman
By Parami Dissanayake May 28, 2024 11:06 AM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

තොග අලෙවිසැල් සහ සුපිරි වෙළඳසැල්වල කීරි සම්බා හිඟයක් ඇතැයි තොග සහ සිල්ලර වෙළඳසැල් හිමියෝ පවසා සිටිනවා. ඒ අනුව, කීරි සම්බා වල පාලන මිල රුපියල් 260ක් වන ආතර වී මෝල් හිමි ව්‍යාපාරිකයන්ගෙන් කිරී සම්බා රුපියල් තුන්සියකටත් වැඩි මුදලකට මිලදී ගැනීමට සිදුව ඇති බව වාර්තා වේ.

එමෙන් ම, සම්බා සහල්වල පාලන මිල රුපියල් 230ක් වන අතර එයද මෝල් හිමි ව්‍යාපාරිකයන්ගෙන් මිලදී ගැනීමට සිදුව ඇත්තේ එම මිලට වඩා වැඩි මිලකට බව ව්‍යාපාරික හිමියෝ පවසා සිටි

. එලෙස, වැඩි මිලට මිලදී ගෙන පාලන මිලට සහල් විකිණීමට නොහැකි නිසා තොග සහ සුපිරි වෙළඳසැල්හි කීරි සම්බා සහ සම්බා සහල් හිඟයක් ඇතැයි ව්‍යාපාරිකයෝ පවසති.

ජනපති වතු පිළිබඳ යෝජනාවට කැබිනට් අනුමැතිය...

ජනපති වතු පිළිබඳ යෝජනාවට කැබිනට් අනුමැතිය...


මේ දිනවල පාලන මිලට වඩා වැඩියෙන් සහල් විකුණන වෙළඳසැල් පාරිභෝගික අධිකාරියෙන් වැටලීම සිදු කරනු ලබන අතර එලෙස වැඩි මිලට සහල් විකිණීම පිළිබඳව සොයා බැලීමට පාරිභෝගික අධිකාරිය තොග සහ සිල්ලර වෙළඳසැල් වටලනු ලබන්නේ නීති විරෝධි මත්ද්‍රව්‍ය සොයන ආකාරයට බවට වෙළඳසැල් හිමියන්ගේ ව්‍යාපාරිකයෝ මැසිවිලි නගති.

කෙසේ වෙතත්, පාරිභෝගික අධිකාරීය මේ පිළිබඳව පවසා සිටියේ පාලන මිලට වඩා වැඩියෙන් සහල් විකිණීම සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය වැටලීම් අංශය වැටලීම් සිදුකරන බවත්, විශේෂයෙන් පැමිණිල්ලක් ලැබුණු සැනින් ව්‍යාපාරික ස්ථානය සහ ව්‍යාපාරික ස්ථානයක යාබදව ව්‍යාපාරික හිමිකරුවන්ගේ නිවස ඇත්නම් සහල් ගබඩා කර ඇති දැයි පරීක්ෂා කර බලන බවයි.

ReeCha