ජනපති වතු පිළිබඳ යෝජනාවට කැබිනට් අනුමැතිය...

Ranil Wickremesinghe Sri Lanka Sri Lanka Cabinet President of Sri lanka
By Parami Dissanayake May 28, 2024 10:45 AM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ සීමාසහිත ඇල්කඩුව වැවිලි සමාගම යන ආයතනවලට අදාළ හිඟ ව්‍යවස්ථාපිත දීමනා ගෙවීම පිණිස අවශ්‍ය අරමුදල් මහා භාණ්ඩාගාරය වෙතින් සලසා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකරන ලද යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

එම හිඟ ව්‍යවස්ථාපිත දීමනා නිරවුල් කිරීමෙන් පසුව 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදලට අනුව ආයතනයන් විසින් ගෙවිය යුතු අධිභාර මුදල්වලින් අඩුකළ හැකි උපරිම ප්‍රමාණය අඩුකිරීමට කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස්දීමටත් ජනාධිපතිවරයා සිය යෝජනාව මගින් කරුණු ඉදිරිපත් කර ඇත.

පොහොට්ටු කාර්යාලය ඉදිරිපිට ප්‍රබලයින්ගේ නම් වලට මතුරපු පොල් ගසයි. - වැඩි විස්තර මෙන්න. - (VIDEO)

පොහොට්ටු කාර්යාලය ඉදිරිපිට ප්‍රබලයින්ගේ නම් වලට මතුරපු පොල් ගසයි. - වැඩි විස්තර මෙන්න. - (VIDEO)

විවිධ පළාත්වල අධිකරණයන්හි නඩු 2,000කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ සීමාසහිත ඇල්කඩුව වැවිලි සමාගම යන ආයතනවල හිඟ ව්‍යවස්ථාපිත දීමනා නිසි පරිදි නොපියවීම හේතුවෙන් විභාග වෙමින් පවතී.

එකී හිඟ ව්‍යවස්ථාපිත දීමනා ගෙවීම සඳහා එම ආයතනයන්හි ඉපයීම් ප්‍රමාණවත් නොවන බැවින්, ඒ සඳහා අවශ්‍ය මුදල් ණය මුදලක් වශයෙන් මහා භාණ්ඩාගාරය විසින් ලබා දී එම ආයතනවල ඉපයීම්වලින් අදාළ ණය මුදල කොටස් වශයෙන් නිරවුල් කිරීම යෝග්‍ය බව හඳුනාගැනීමෙන් අනතුරුව මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

එම ආයතන විසින් ගෙවිය යුතු සේවක අර්ථසාධක අරමුදලේ මුළු දායකත්ව මුදල ගෙවා සම්පූර්ණ කිරීමෙන් පසුව, එම මුදලට අදාළව ගෙවිය යුතුව පවතින අධිභාර මුදල අඩු කිරීමට 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනතේ විධිවිධාන පරිදි කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට හැකියාව පවතිනවා.

ReeCha