සල්මන් ඛාන්ගෙ නිවස ඉදිරිපිට මහා කලබැගෑනියක් - සල්මන්ට මොකක්ද මේ වුණේ?.(PHOTOS)

Report

මුම්බායි හි බන්ද්‍රා හි පිහිටි සුපිරි බොලොවුඩ් නළු සල්මාන් ඛාන්ගේ නිවස ඉදිරිපිට වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

සල්මන් ඛාන්ගෙ නිවස ඉදිරිපිට මහා කලබැගෑනියක් - සල්මන්ට මොකක්ද මේ වුණේ?.(PHOTOS) | A Shooting In Front Of Salman Khan S House

අද (14) අලුයම 5 ට පමණ මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති අතර අවම වශයෙන් උණ්ඩ පහක්වත් නිකුත් වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.

එම වෙඩි ප්‍රහාරයට හේතුව මෙතෙක් අණාවරණය වී නොමැත.

ඒ සම්බන්ධයෙන් මුම්බායි පොලිසියේ අපරාධ අංශය විමර්ශන සඳහා එම ස්ථානයට පැමිණ පර්යේෂණ ආරම්භ කර තිබෙනවා.

සල්මන් ඛාන්ගෙ නිවස ඉදිරිපිට මහා කලබැගෑනියක් - සල්මන්ට මොකක්ද මේ වුණේ?.(PHOTOS) | A Shooting In Front Of Salman Khan S House

මේ අතර පසුගිය වසරේ දී ඉන්දියාවේ  ජාතික විමර්ශන ඒජන්සිය (NIA) සඳහන් කළේ, ප්‍රධාන පෙළේ මැර කල්ලියක ප්‍රධාන ඉලක්ක 10 අතර බොලිවුඩ් නළු සල්මන් ඛාන්ද සිටින බවයි.

කෙසේ වෙතත්, පසුගිය වසරේ ඔහුට ලැබුණු තර්ජනාත්මක දුරකථන ඇමතුම් හේතුවෙන් සල්මන් ඛාන්ගේ ආරක්ෂාව තවත් වැඩි කිරීමට මුම්බායි පොලීසිය කටයුතු කර තිබුණේ ය.