විශ්වවිද්‍යාලයක වෙඩි තැබීමක්..තිදෙනෙකු මිය යයි..තවත් අයෙකුට බරපතලයි.(PHOTOS)
අමෙරිකාවේ නෙවාඩා විශ්වවිද්‍යාලයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන පුවතක් වාර්තා වනවා.
එහිදී, විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවත් අයෙකු තුවාල ලබා ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ වන බවයි.
මෙම සාහසික වෙඩිතැබීම සිදුකළ සැකකරු ද ආරක්ෂක අංශ විසින් එල්ල කළ ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වෙඩිතැබීම් හේතුවෙන් අදාළ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු ද තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.



