ආරම්භක තරඟයෙන්ම පාකිස්ථානයට තියුණු ජයක්.
අද (30) ආසියානු කුසලානයේ ආරම්භක තරගය පාකිස්තාන කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අතර පකිස්ථාන මුල්තාන්හි දී පැවැත්විණ.
එහි දී පාකිස්ථානු කණ්ඩායම ලකුණු 238ක තියුණු ජයක් හිමි කර ගැනීමට සමත් විය.
කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේ ය.
එහිදී පන්දු වාර 50 අවසානයේ පාකිස්තාන කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 342ක් ලබා ගත්තේ ය.
එහි දී විශිෂ්ට පිතිහරඹයක නියැලුණු නායක බාබර් අසාම් පන්දු 131ක දී හයේ පහර 04ක් සහ හතරේ පහර 14ක් සමඟ ලකුණු 151ක් රැස් කළේ ය.
ඉෆ්තිකාර් අහමඩ් නොදැවී ලකුණු 109ක් රැස් කළ අතර, මොහොමඩ් රිස්වාන් ලකුණු 44ක් රැස් කළේ ය.
ලකුණු 343ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි නේපාල කණ්ඩායම පන්වාර 23යි පන්දු 4ක් තුළ සියලු දෙනා දැවී රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 104ක් පමණි.